අලුත්ම ලිපි..

Welcome..!

zinhala.tk

Saturday, July 12, 2014

Sniper Elite 3 (ස්නයිපර් එලයිට් 3 පරිඝනක ක්‍රීඩාව )


ස්නයිපර් එලයිට් 3 පරිඝනක ක්‍රීඩාව 

image

ගේම් රිලීස් එනකන් ඉවසගන්න බැරිව ඉන්න යාලුවන්ට ඔන්න අරගෙන ආවා ගින්දර වගේ ගේම් එකක් මේ ගේම් එක රිලීස් උනේ ගිය ජූනි 27 වෙනිදා PC , Xbox , Ps වගේ ඔක්කොම ෆ්ලැට්ෆොර්ම්ස් වලට මේ ගේම් එක නිකුත් වෙලා තියෙනවා ගේම් එක නමින් ස්නයිපර් එලයිට් 3 ස්නයිපර් එලයිට් 1 , 2 ක්‍රීඩා කරපු යාලුවන්ටනම් මේ ගැන ඉතින් වැඩි යමක් කියන්න ඕනේ වෙන්නේ නෑ ඒත් ඒ පරිඝනක ක්‍රීඩා , ක්‍රීඩා නොකරපු යාලුවන්ට දැනගන්නත් එක්ක ගේම් එක ගැන පොඩි හදුන්වාදීමක් කරන්නම් මේ ගේම් එකේදී අපිට රගදක්වන්න වෙන්නේ ස්නයිපර්වරයෙකුගේ චරිතය ඇත්ත ස්නයිපර් වරයෙකුට සමානවම ඉවසීම මේ පරිඝනක ක්‍රීඩාවේදී අපි ප්‍රගුණ කල යුතු වෙනවා ක්‍රීඩාවේ තියෙන විශේෂත්වයන් කිහිපයකුත් තියෙනවා ස්ලෝව් මෝෂන් බුලට් හිට් , සූම් හිට් වගේ ස්නයිපර් මුල් පරිඝනක ක්‍රීඩා වලින් හදුන්වල දුන්නු එෆෙක්ට්ස් මෙම පරිඝනක ක්‍රීඩාවේ මනා ලෙස උපයෝගී කරගෙන තියෙනවා වැඩි යමක් කියන්න කලින් ගේම් එකේ ට්‍රේලර් එක බලල හිටියනම් හොදයි කියලා හිතෙනවා යාලුවනේ ඒකත් බලලම ඉන්නකෝ


දැක්කද යාලුවනේ ග්‍රැෆික්ස් ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ අනික් ගේම්ස් වලට සාපේක්ෂව ග්‍රැෆික්ස් අඩු උනත් ඒවාට අභියෝග කරන්න පුළුවන් වෙන්න ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ 505 GAMES ආයතනය 18 + පරිඝනක ක්‍රීඩාවක් ලෙස තමයි මේ පරිඝනක ක්‍රීඩාව වර්ගීකරණය කරලා තියෙන්නේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න කලින් අපි ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් බලල ඉමු නේද යාලුවනේ නැත්නම් හිතේ තියෙන සැකේ දුරුවෙන්නේ නෑ 

87e0b1115861c85962f2d47fe8ffb108.jpg

8bde1a3f79e697605267b0a769069600.jpg

6b806b088986ac5fafc9825cfe4b0e0f.jpg

ගේම් එකට සෙට් වෙන රික්වයර්මන්ට්ස් බලලම අපි ඩවුන්ලෝඩ් කරගනන් වැඩේට බහිමු නේද යාලුවනේ එහෙනම් ඒ ටිකත් බලලම ඉන්නකෝ 

CPU:Dual-core CPU with SSE3 (Intel Pentium D 3 GHz / AMD Athlon 64 X2 4200) or better
CPU Speed:Info
RAM:2 GB
OS:Microsoft Windows Vista (Service Pack 2) or Windows 7 (Windows XP is NOT supported)
Video Card:NVIDIA GeForce 8800 series / ATI Radeon HD 3870 or better
Sound Card:Yes
Free Disk Space:10 GB

මෙන්න මේ කියන අවම සුදුසුකම් යටතේ ඔයාට මේ ගේම් එක ඔයාගේ PC එකේ ප්ලේ කරන්න පුළුවන් එහෙනම් ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලම බලන්න යාලුවනේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ ටොරන්ට් එකක් විදිහට 9.2 GB තියෙනවා සැකයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් 100% වැඩ කරන ගේම්ස් විතරයි සයිට් එකෙන් දෙන්නේ එහෙනම් අපි ආයිත් සෙට් වෙමු ගේම් එක ප්ලේ කරලා බලලා හොදනම් ඇවිත් කමෙන්ට් එකකුත් දාලා යන්නකෝ යාලුවනේ 

9.2 GB 100% WORKING TORRENT (REPACKED PC GAME)



Monday, March 24, 2014

Police Super Cars Racing

         Police Super Cars Racing


police supercars racing download

ඔන්න ගේම් එකක් උස්සගෙන ආවා නිකන්ම ගේම් එකක් නෙමේ රේසින්ග් ගේම් එකක් ලොකු ධාරිතාවයකුත් නැහැ ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න තමයි තියෙන්නේ ගේම් එක ගැන කියනවනම් ගේම් එකේදී අපිට තියෙන්නේ අපේ වේගවත් ධාවනයක් කරන්න හැබැයි නිකන් කාර් වලින් නෙමේ එක එක විදිහේ පොලිස් කාර් වලින් අපි කම්ප්ලිට් කරන මිෂන් වල හැටියට අපිට සුපිරි සුපිරි කාර් හම්බවෙනවා වැඩිය කියන්න යන්නේ නැහැ මේ ස්ක්‍රීන් ෂොට් ටික බලලම ඉන්නකො 

police supercars racing download free

police supercars racing download pc game

Download police supercars racing pc game

ගේම් එකේ ග්‍රැෆික්ස් අතින්නම් සුපිරි ඒ විතරක් නෙමේ ගේම් එක ඕනෙම මැෂින් එකක සෙල්ලම් කරන්නත් පුළුවන් 64 mb ප්‍රමාණයක් විතරයි තියෙන්නේ සෙල්ලම් කරලම බලන්න අසල්වැසි ඉන්දියාවේ කාපලුවෙක් මේ ගේම් එක මොඩිෆයි කරලා නීඩ් ෆොර් ස්පීඩ් පොලිස් කියලා විකුනනවා ජරා සතෙක් එහෙම නෙමේ අපි එක එකාට අහුවෙන්නේ නැතුව ශේප් එකේ ගේම් එක සෙල්ලම් කරමු 


64 MB Only

අපේ දේවල් පාටිෂන් පිටින්ම හංගන්නේ මෙහෙමයි

                         HIDE FULL DRIVE PARTITION




කොහොමද යාලුවනේ ඔන්න තවත් වැදගත් විදිහේ ලිපියක් අරගෙන තමයි මම ඔයාලත් එක්ක අද එකතුවෙන්නේ...!!! අපි හැමෝමටම අපේ පුද්ගලික රහසිගත දේවල් තියෙනවනේ ඉතින් මේ දේවල් අපි අපේ පරිඝනකයේ විවිධ ෆෝල්ඩර් ලොක්ස් මෘදුකාංග සොයාගෙන ආරක්ෂා කරගැනීමට ගොඩක් උත්සාහ කරනවා එහෙත් මේම මෘදුකාංග මිලදී ගැනීමට සිදුවන නිසා හා මිලෙන් අධික නිසා මෙය අපිට ගැටළුවක් ඉතින් මම දැන් මේ කියලා දෙන විදිහෙන් අපිට කිසිම මෘදුකාංගයක් රහිතවා පාටිෂන් එකක් හෝ කිහිපයක් සගවා ගැනීමට හැකි වෙනවා මේ සදහා අපි යොදාගන්නේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියත් සමග එන අණ දීමේ වැඩසටහනක් වන CMD එහෙමත් නැත්නම් Command Prompt එක එහෙනම් අපි වැඩේ කරන විදිහ බලමු මුලින්ම CMD වැඩසටහන විවෘත කරගන්න මේ සදහා අපි අනිවාර්යෙන්ම පරිඝගනකයේ administrator ගිණුම භාවිතා කල යුතු වෙනවා දැන්  start මෙනුව වෙත පිවිස CMD ලෙස ටයිප් කර Enter කරන්න 


මුලින්ම cmd එකේ diskpart  ලෙස ටයිප් කර enter කරන්න 

දැන් ලැබෙන DISKPART යන්න ඉදිර්යෙන් list volume ලෙස ටයිප් කරන Enter කරන්න 

දැන් ඔබට පරිඝනකයේ ඇති පාටිෂන් ප්‍රමාණය හා ඒ පිළිබද තොරතුරු මේම වැඩසටහන හරහා පැමිණේ ඔබට සැගවීමට අවශ්‍ය පාටිශනයේ volume එක තෝරාගන්න 

උදා :- ඔබට D පාටිෂණය සැගවීමට අවශ්‍ය නම් Volume 1 යන්නද 
          ඔබට E පාටිෂණය සැගවීමට අවශ්‍යනම් Volume 2 යන්නද භාවිතා කරන්න 

දැන්  DISKPART යන්න ඉදිර්යෙන් ඔබට සැගවීමට අවශ්‍ය පාටිශනයේ volume අගය ලබාදෙන්න select volume යන්න සමග එහි අගය ලබාදිය යුතුය 

උදා :-

අගය ලබාදීම සදහා Select Volume 1 
අගය ලබාදීම සදහා Select Volume 2 
අගය ලබාදීම සදහා Select Volume 3 යන විධානයන් භාවිතා කල හැක 

දැන් ඔබ පෙර තෝරාගත් Volume අගයෙන් දැක්වෙන පාටිෂණය සැගවීමට DISKPART යන්න ඉදිරියෙන් එහි පාර්ටිෂන් අකුර ලබාදෙන්න  

Remove letter D 
Remove letter E
Remove letter F

දැන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් CMD වැඩසටහන close කර My Computer වෙත පිවිස වැඩේ සාර්ථකද කියලා පරීක්ෂා කරන්න...!!! අනිවාර්යෙන්ම ඔබ සාර්ථකයි දැන් මේක හැංගුවා වගේම ගන්නත් එපයි නේද ඉතින් ඒකට කරන්න තියෙන්නේ අපි මුලින් කරපු ආකාරයෙන්ම විධාන දෙමින් Remove letter D , Remove letter E , Remove letter F වෙනුවට assign drive D , assign drive E , assign drive F විධානයන් ලබාදීම පමණයි..!! :) ඉතින් මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා එහෙනම් නැවත හමුවෙමු ඔබට ජය...!!! 




Thursday, March 20, 2014

YOUTUBE වලින් SOFTWARE නැතිව VIDEOS DOWNLOAD කරන්න..

HOW TO DOWNLOAD VIDEOS      FROM YOUTUBE


  YOUTUBE වලින් SOFTWARE නැතිව VIDEOS DOWNLOAD කරන්න..

ඔන්න යාළුවනේ පහුගිය ලිපියෙන් අපි YOUTUBE වල තියෙන VIDEOS , mp3 විදියට download කරන විදිය කියල දුන්න වගේම, මේ ලිපියෙන් අපි කියල දෙන්න යන්නෙ, YOUTUBE වල තියෙන VIDEOS පහසුවෙන්ම කිසිම SOFTWARE එකක් නතිව DOWNLOAD කරන විදිය...

ඔයලට කරන්න තියෙන්නෙ බොහොම සරල දෙයක්. YOUTUBE එකේ ඔයලට ඕන කරන අදාල VIDEO එකට ගිහිල්ල ඒකේ තියෙන URL  එකේ youtube කියන එක ඉස්සරහින් මේ විදිහට ss කියල type කරන්න.. ඊට පස්සෙ Enter එක ඔබන්න.. මේ විදිට ඔයලව ඔයාලගෙ VIDEO එක download කරන්න පුලුවන් webpage එකකට connect වෙවි...



මේ විදිහට ss කියල type කරල Enter එක ඔබන්න



ඊට පස්සෙ ඔයාලව මේ වගේ page එකකට connect වේවි.



මෙතනින් ඔයලට කැමති ව්දියෙ file format එකකින්(mp4,avi etc....)   ඔයලගෙ VIDEO එක DOWNLOAD කර ගන්න පුලුවන්.කැමති නම් mp3 විදියට උනත්.

නමුත් mp3 , download කරන්න මීට වඩා ලේසි ක්‍රමයක් අපි පහුගිය ලිපියකින් කතා කලා.


මේ පහසුකම ලබා දෙන website එකට connect වෙන්න කලින් සමහර විට මේ වගෙ ප්‍රශ්නයක් එන්න පුලුවන් ... එතකොට proceed anyway  කියල තියෙන button  එක click කරහම ප්‍රශනයක් නැතිව website එකට connect වෙන්න පුලුවන්.



ඔන්න  යලුවනේ Ishan මල්ලිගෙ Blog site එකේ මම දාන පලවෙනි ලිපිය.. මේ ගැන ඔයලගෙ අදහස් අපිට comment කරන්නත් අමතක කරන්න එපා.. ස්තුති තවත් මේ වගේ ලිපියකින් නැවත හමු වෙමු...





Monday, March 17, 2014

Youtube එකේ තියෙන සින්දු,බීට්ස් මෘදුකාංග රහිතව MP3 විදිහට ඩවුන්ලෝඩ් කරගමු

HOW TO DOWNLOAD YOUTUBE VIDEOS AS A MP3



ඔන්න තවත් සුපිරි ලිපියක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්ම හැමෝම දන්නවනේ Youtube කියන්නේ මේ වෙනකොට ලෝකෙට නැතුවම බැරි වෙබ් අඩවියක් සින්දුවක් රිලීස් උනත් මුලින්ම අප්ලෝඩ් වෙන්නේ Youtube එකට ඉතින් මේ Youtube එකට අප්ලෝඩ් කරන සමහර සින්දුවල MP3 හොයන්න ගියහම ලොකු කරදරයක් ඉතින් ඒකට හොදම විසදුමක් අරගෙන තමයි මම දැන් ආවේ.මේ ආකාරයට අපිට පුළුවන් Youtube එකේ තියෙන ඕනෑම සින්දුවක් , මෙලඩි එකක් , බීට් එකක් MP3 විදිහට මෘදුකාංග රහිතව  ඩවුන්ලෝඩ් කරගන්න එහෙනම් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.

මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය වන වීඩියෝ එකේ URL එක කොපි කරගන්න එක 


 මේ සදහා අපිට වෙනම වෙබ් අඩවියක් භාවිතා කිරීමට සිදුවෙනවා මොකද මේ වෙනකන් Yotube වෙබ් අඩවිය තුල ඩවුන්ලෝඩ් පහසුකම සලසලා නැති නිසා මෙතනින් ඒම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න..


දැන් කරන්න තියෙන්නේ ලැබෙන වෙබ් පිටුවේ තියෙන Enter Video url below to convert into MP3 කියන බොක්ස් එකේ URL එක පේස්ට් කරන එක 


දැන් ඒ සමගම ඇති Download කියන බටන් එක ක්ලික් කරපු ගමන් ඔයාව වෙනත් වෙබ් පිටුවක් වෙත රැගෙන යනවා එතන තියෙන Click here to get your Download Link යන ලින්ක් එක උඩ ක්ලික් කරන්න 

දැන් ඔයාට ලැබෙන පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරපු ගමන් ඔයාට ඔයාගේ MP3 එක ඩවුන්ලෝඩ් වෙනවා.


එහෙනම් තවත් මේ වගේ ලිපියකින් අපි හමුවෙමු මේ ලිපිය ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරලා යන්නත් අමතක කරන්න එපා.ස්තුතී....!!! 





ලියන දේ කියන මෘදුකාංගයක් අපිම හදමු..!

 

             Whatever You Type.


                               



මගේ බ්ලොග් එකේ පලකරන පලවෙනි ලිපියෙන්  මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි මෘදුකාංගයක් නිර්මාණය කරගන්න ආකාරය මේ සදහා අපිට අවශ්‍ය වෙන්නේ නෝට් පෑඩ් එක පමණයි මෙම .vbs කේතනය මගින් අපිට පුළුවන් වෙනවා අපි ඇතුලත් කරන ඕනෑම වචනයක් පරිඝනකය හරහා උච්චාරණය කරවීමට මිනිත්තු කිහිපයකින් අපිට මේම මෘදුකාංගය නිර්මාණය කරගැනීමට හැකියාව තිබීමත් විශේෂත්වයක්.

මුලින්ම නෝට්පෑඩ් මෘදුකාංගය විවෘත කරගෙන මෙහි පහත දක්වා ඇති කේත ඒ මත කොපි කරගන්න 


  • Dim message, sapi
    message=InputBox("What do you want me to say?","Speak to Me")
    Set sapi=CreateObject("sapi.spvoice")
    sapi.Speak message
දැන් මේම කේත .vbs ආකාරයට save කරගන්න මේ සදහා speak වෙනුවට ඔබට කැමති වචනයක් භාවිතා කල හැකි අතර ඉන් අනතුරුව .vbs යන්න ඇතුලත් කිරීම අනිවාර්යය වේ 
උදා :- zinhala.vbs


දැන් අපේ මෘදුකාංගය නිර්මාණය කරලා ඉවරයි මීලගට තියෙන්න අපේ වැඩේ සාර්ථකද කියලා පරීක්ෂා කරන එක එහෙනම් අපි ඒකත් කරලා බලමුකෝ දැන් මෘදුකාංගය විවෘත කරගන්න 


දැන් ඔබට ලැබෙන අතුරුමුහුණත ඇති text බාර් එකෙහි ඔබට කැමති යමක් ටයිප් කර ok කරන්න එසැනින් ඔබේ පරිඝනකය මගින් ඔබ ටයිප් කල දේ ශ්‍රවනය කිරීමට පුළුවන් එහෙනම් මේ වගේ තවත් අලුත් දේවල් ගොඩක් එක්ක නැවත හමුවෙමු ස්තුතී..!!!



 
Copyright © 2013 අපි zINHALa
Powered byBlogger