අලුත්ම ලිපි..

Monday, March 17, 2014

ලියන දේ කියන මෘදුකාංගයක් අපිම හදමු..!

 

             Whatever You Type.


                               



මගේ බ්ලොග් එකේ පලකරන පලවෙනි ලිපියෙන්  මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි මෘදුකාංගයක් නිර්මාණය කරගන්න ආකාරය මේ සදහා අපිට අවශ්‍ය වෙන්නේ නෝට් පෑඩ් එක පමණයි මෙම .vbs කේතනය මගින් අපිට පුළුවන් වෙනවා අපි ඇතුලත් කරන ඕනෑම වචනයක් පරිඝනකය හරහා උච්චාරණය කරවීමට මිනිත්තු කිහිපයකින් අපිට මේම මෘදුකාංගය නිර්මාණය කරගැනීමට හැකියාව තිබීමත් විශේෂත්වයක්.

මුලින්ම නෝට්පෑඩ් මෘදුකාංගය විවෘත කරගෙන මෙහි පහත දක්වා ඇති කේත ඒ මත කොපි කරගන්න 


  • Dim message, sapi
    message=InputBox("What do you want me to say?","Speak to Me")
    Set sapi=CreateObject("sapi.spvoice")
    sapi.Speak message
දැන් මේම කේත .vbs ආකාරයට save කරගන්න මේ සදහා speak වෙනුවට ඔබට කැමති වචනයක් භාවිතා කල හැකි අතර ඉන් අනතුරුව .vbs යන්න ඇතුලත් කිරීම අනිවාර්යය වේ 
උදා :- zinhala.vbs


දැන් අපේ මෘදුකාංගය නිර්මාණය කරලා ඉවරයි මීලගට තියෙන්න අපේ වැඩේ සාර්ථකද කියලා පරීක්ෂා කරන එක එහෙනම් අපි ඒකත් කරලා බලමුකෝ දැන් මෘදුකාංගය විවෘත කරගන්න 


දැන් ඔබට ලැබෙන අතුරුමුහුණත ඇති text බාර් එකෙහි ඔබට කැමති යමක් ටයිප් කර ok කරන්න එසැනින් ඔබේ පරිඝනකය මගින් ඔබ ටයිප් කල දේ ශ්‍රවනය කිරීමට පුළුවන් එහෙනම් මේ වගේ තවත් අලුත් දේවල් ගොඩක් එක්ක නැවත හමුවෙමු ස්තුතී..!!!



11 comments :

  1. කො බන් අපි සින්හල කියල තිබුනට පොස්ට් එක විතරනෙ සින්හල :D
    …

    ReplyDelete
    Replies
    1. ඉතින් බ්ලොග් එකේ හරය ඒකනේ මචං :) වැඩක් කරන්න යනකොට කොකු ගහන කෙනෙක්ද ඔයා ?

      Delete
  2. Good Luck Broo... Improve Ur Site..

    ReplyDelete
  3. අනේ නෑ මචූ එහෙම එකක් නෑ ඔන හෙල්ප් එකක් දෙන්නම් මම නිකන් විහිලුවක් කොරේ උබ දාල තියෙන ටයිටල් එකේ හැටියට බ්ලොග් එක නෑ බන් ඒකයි ! ඒක නිසා අර කැටගරීස් වලට බෙදලා තියෙන ඒවා ටික සින්හලෙන් දාපන් :)
    …

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැනත් හිතලා බලලා වැඩ කරන්නම් :)

      Delete
  4. සොරි මචන් මගෙ අතින් වැරදි දෙයක් කිය උනානම් මම කියුවෙ උබට ඒ දේ හදාගන්න ! උබේ සයිට් එක හොදයි මගෙන් සුබ පැතුම් මචූ

    ReplyDelete
  5. හෙල්පක් ඕනිනම් කියහන් මචෝ දෙන්නම් හෙල්ප් ගමකට :D

    ReplyDelete
    Replies
    1. අනිවා මචං :)

      Delete
    2. හෙල්පක් ඕනිනම් මට මේල් එකක් දාහන් ආ sk2648469@gmail.com එල එහෙනම් මම ගියා ජය ස්‍රී !!

      Delete

 
Copyright © 2013 අපි zINHALa
Powered byBlogger