අලුත්ම ලිපි..

Monday, March 17, 2014

Youtube එකේ තියෙන සින්දු,බීට්ස් මෘදුකාංග රහිතව MP3 විදිහට ඩවුන්ලෝඩ් කරගමු

HOW TO DOWNLOAD YOUTUBE VIDEOS AS A MP3



ඔන්න තවත් සුපිරි ලිපියක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්ම හැමෝම දන්නවනේ Youtube කියන්නේ මේ වෙනකොට ලෝකෙට නැතුවම බැරි වෙබ් අඩවියක් සින්දුවක් රිලීස් උනත් මුලින්ම අප්ලෝඩ් වෙන්නේ Youtube එකට ඉතින් මේ Youtube එකට අප්ලෝඩ් කරන සමහර සින්දුවල MP3 හොයන්න ගියහම ලොකු කරදරයක් ඉතින් ඒකට හොදම විසදුමක් අරගෙන තමයි මම දැන් ආවේ.මේ ආකාරයට අපිට පුළුවන් Youtube එකේ තියෙන ඕනෑම සින්දුවක් , මෙලඩි එකක් , බීට් එකක් MP3 විදිහට මෘදුකාංග රහිතව  ඩවුන්ලෝඩ් කරගන්න එහෙනම් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.

මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය වන වීඩියෝ එකේ URL එක කොපි කරගන්න එක 


 මේ සදහා අපිට වෙනම වෙබ් අඩවියක් භාවිතා කිරීමට සිදුවෙනවා මොකද මේ වෙනකන් Yotube වෙබ් අඩවිය තුල ඩවුන්ලෝඩ් පහසුකම සලසලා නැති නිසා මෙතනින් ඒම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න..


දැන් කරන්න තියෙන්නේ ලැබෙන වෙබ් පිටුවේ තියෙන Enter Video url below to convert into MP3 කියන බොක්ස් එකේ URL එක පේස්ට් කරන එක 


දැන් ඒ සමගම ඇති Download කියන බටන් එක ක්ලික් කරපු ගමන් ඔයාව වෙනත් වෙබ් පිටුවක් වෙත රැගෙන යනවා එතන තියෙන Click here to get your Download Link යන ලින්ක් එක උඩ ක්ලික් කරන්න 

දැන් ඔයාට ලැබෙන පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරපු ගමන් ඔයාට ඔයාගේ MP3 එක ඩවුන්ලෝඩ් වෙනවා.


එහෙනම් තවත් මේ වගේ ලිපියකින් අපි හමුවෙමු මේ ලිපිය ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරලා යන්නත් අමතක කරන්න එපා.ස්තුතී....!!! 





1 comment :

 
Copyright © 2013 අපි zINHALa
Powered byBlogger